දවසේ කවිය
මගේ දවසේ සිතුවිලි ඔබේ රස විඳීම පිණිස!
Wednesday, 12 April 2017
ලැම්බෝගිනි ද බෙන්ස් ද? (12 අප්රියෙල් 2017)
(image: http://www.lankatag.com/2016/11/photos-statue-unveiled-pitiduwe-siridhamma-thero.html)
ලැම්බෝගිනිය නොදැකයි තප්පුලෑවේ
අද තඩි බෙන්ස් දෙක දෙක ඔහෙ ගෙනාවේ
වැට් බද්දෙන් අපේ බඩ තද වුනාවේ
හැන්ද අතේ ඇති උං හිනැහුනාවේ
-දවසේ කවියා
Tuesday, 11 April 2017
පැරසිටමෝල් සරණං ගච්ඡාමි (11 අප්රියෙල් 2017)
(image: https://simple.wikipedia.org/wiki/Paracetamol)
අයියෝ මස්සිනේ මට වුණු වියෝ යා
වයිරස් උණෙන් සියොළඟ රත් වුනේ යා
පැරසිටමෝලයෙන් දවසම ගෙවේ යා
කවියක් ලියන්නට පිරියක් නැතේ යා
-දවසේ කවියා
Monday, 10 April 2017
රවි මීනයෙන් මේසයට (10 අප්රියෙල් 2017)
(image: http://www.sundaytimes.lk/170326/news/ravi-gets-best-finance-minister-award-234310.html)
රවී රවී සම්මානය අරං වරෙං
සාදුකාර දී ගුවනෙන් වහා වරෙං
ආණ්ඩුවේ පවු සෝදා දෙන්න වරෙං
අවුරුදු කන්න මලු පුරවං අරං වරෙං!
-දවසේ කවියා
Friday, 7 April 2017
දොස්තර වැඩ වර්ජනය (07 අප්රියෙල් 2017)
(image: http://nation.lk/online/2015/12/03/doctors-strike-cripples-hospitals.html)
වැඩ වර්ජනය කරනා දොස්තරලාට
හැදුණොත් ලෙඩක් අද පෙර කළ කරුමයට
මිතුරෙකුගෙන් වෙදකම් ගත හැකි එයට
අසරණ ලෙඩුන් හට වෙද කවුරුන් පිහිට?
-දවසේ කවියා
Thursday, 6 April 2017
කහ සිවුරයි කාකි ඇඳුමයි (06 අප්රියෙල් 2017)
(image: http://www.ada.lk/)
පපුවට පපුව කෝපෙන් තද කෙරෙන්නේ
කහ සිවුරයි කාකි ඇඳුමයි ගැටෙන්නේ
මොකටද යලිත් සැරයක් ලේ හලන්නේ?
ඔතැනින් නැවතුනොත් හොඳ යැයි සිතෙන්නේ
-දවසේ කවියා
Wednesday, 5 April 2017
කැපවීම (05 අප්රියෙල් 2017)
(image: http://lankaviews.com/)
හතලිස් හය වසරකට පෙර බක් මාසේ
තම තම නුවණ පමණින් තතු දැන මද සේ
රට අල්ලන්න ගොස් දිවි දුන් ඒ පිරිසේ
කැපවීමටයි නෙතු තෙත් වන්නේ මෙලෙසේ
-දවසේ කවියා
Tuesday, 4 April 2017
නෙළුම් යාය (04 අප්රියෙල් 2017)
(image: http://archive2.srilankamirror.com/entertainment-mirror/item/9651-bloggers-to-blossom-at-nelum-yaya-awards)
නෙළුම් යාය බ්ලොග් උළෙලක් තිබුණා ලු
ඒකට දේශපාලකයින් වැඩියා ලු
සමහර අයියලා ගේ සිත් රිදුනා ලු
ලෝකය අදත් පෙර සේ කැරකෙනවා ලු!
-දවසේ කවියා
Monday, 3 April 2017
ගොං බාන (03 අප්රියෙල් 2017)
http://www.divaina.com/2017/04/03/news49.html
තොප්පිය දමා ඉන්නා සාරිය පොරවා
මේ ගොං බාන දැක්කම මගෙ කට දනවා
ජහමනයාගේ ඡන්දය මුං ඉල්ලනවා
ඡන්දෙන් පත්වෙලා දෙයියට පිං දෙනවා
-දවසේ කවියා
Sunday, 2 April 2017
කිරි බබා (02 අප්රියෙල් 2017)
(https://lankacnews.com/)
විමලේ අහෝ තාමත් කිරි දරුවා ය
සාදුලා ඇවිත් කිරි තේ පෙව්වා ය
කම්බ හොරුට සෙත් පිරිත ද කිව්වා ය
කලියුග කාලෙ වෙන දේවල් මෙව්වා ය!
-දවසේ කවියා
Saturday, 1 April 2017
ඇරඹුම (01 අප්රියෙල් 2017)
(http://www.retail-insider.com/retail-insider/tail-insider.com/2013/04/happy-april-1st.html)
පළමුවෙනි දා ය අද අප්රියෙල් මසේ
අරඹන්නට සිතුනි බ්ලොගයක් පැතුම ලෙසේ
ලියනෙමි කවක් අද සිට හැම දිනම තොසේ
ජයවේවා මට ම පතනෙමි මම ම මෙසේ!
-දවසේ කවියා
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
පැරණි "දවසේ කවි"
ගොං බාන (03 අප්රියෙල් 2017)
ජනප්ර්රිය "දවසේ කවි"
රවි මීනයෙන් මේසයට (10 අප්රියෙල් 2017)
(image: http://www.sundaytimes.lk/170326/news/ravi-gets-best-finance-minister-award-234310.html) රවී රවී සම්මානය අරං වරෙං සාදුකාර දී ගු...
ලැම්බෝගිනි ද බෙන්ස් ද? (12 අප්රියෙල් 2017)
(image: http://www.lankatag.com/2016/11/photos-statue-unveiled-pitiduwe-siridhamma-thero.html) ලැම්බෝගිනිය නොදැකයි තප්පුලෑවේ අද තඩි බෙන...
කිරි බබා (02 අප්රියෙල් 2017)
(https://lankacnews.com/) විමලේ අහෝ තාමත් කිරි දරුවා ය සාදුලා ඇවිත් කිරි තේ පෙව්වා ය කම්බ හොරුට සෙත් පිරිත ද කිව්වා ය කලියුග කාලෙ වෙන...
පැරසිටමෝල් සරණං ගච්ඡාමි (11 අප්රියෙල් 2017)
(image: https://simple.wikipedia.org/wiki/Paracetamol) අයියෝ මස්සිනේ මට වුණු වියෝ යා වයිරස් උණෙන් සියොළඟ රත් වුනේ යා පැරසිටමෝලයෙන් දවස...